Author: Buddy --බඩී
•3:24 AM

ඔය කාර් බාර්වල යන එන මිනිස්සු ගෙන හිතනකොට වෙලාවකට මට මහ දුකක් දෑනෙනෙව. ඈ දෙයියනේ...නෑග්ග, ගියා බෑස්ස, එච්චරනෙ. වෙන කිසිම සතුටක් ,ප්‍රීතියක්, විනොදයක්, ගතියක්, ජොලියක්, සොමියක්, පහසුවක් ලැබෙනවද?
එකතත් එක්ක "මගමරුවා Travels" වල ගමන් බිමන් යන අපිට මොනතරම් වාසි තියෙනවද?? අපෙ රටෙ මිනිස්සුන්ගෙන් වෑඩි කොටසක් Privata බස් වලම යන්නෙ ,එන්නෙ අන්න ඒ වාසි තකාගෙන. එහෙම නෑතුව මෙ කාර් ගන්න ,Pejero ගන්න සල්ලි නතිකමට එහෙම නෙවේ....

Privata බස් ඒකක රුපියල් 6ක් දුර ගියහම ලැබෙන වියායාම ටික , අවුරුදු 10ක් weights කලත් ලැබෙනවද? ඇයි, නොමිලෙම ලැබෙන සම්බාහනය, ඇයි ඉගෙනගන්න ලැබෙන අලුත් වචන....බම්බලපිටියට=බම්බා, කොල්ලුපිටියට=කොල්ලා, කොටුවට=ඔටුව, පිටකොටුවට=පිට ඔටුව..ඒ විතරක් නෙවේයි...හිතට දැනෙන අනන්ත අප්‍රමාන සතුට....ප්‍රිවටෙ බස් කියන්නේ පිස්සු ලෝකනෙ....

දවසක් මම හිටපු බස් එකට අගර දගර පැගිරි ලියක් ගොඩවුනා..විනාඩි 5ක් ගියේ නෑ..ශාරුක් කාන් කට් කපපු පිරිමි පරානයක් අර අගර දගර පැගිරි ලියට කිට්ටුකලා....

"නංගි කොහෙන්ද බහින්නෙ?"
"ඇයි අහන්නෙ?"
"නංගි කොහෙටද යන්නෙ?"
"මම යන්නෙ අපේ ගෙදර"
"ගෙදර තියෙන්නෙ කොහෙද?"

"ගෙදර කොහෙ තිබ්බත් තමුසෙට තියෙන අමාරුව මොකක්ද?"

"මට ඇති අමාරුවක් නෑ අයිසෙ...මම මේ බස් එකෙ කොන්දොස්තර...යන තැන ඇහුවෙ ටිකට් කඩන්න.."

සැප කාර්ර්‍වල ගමන් බිමන් යන එන අයට මෙවා අහන්න දකින්න ලැබෙනවද? නැහැනෙ...

|
This entry was posted on 3:24 AM and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

10 comments:

On April 1, 2010 at 3:33 AM , වැප් said...

හි හි ... උබ නේද එදා බස් එකේ කොන්දොස්තර පාට් එක දාලා බේරිලා ගියේ ...

 
On April 1, 2010 at 4:30 AM , Hasitha Gunasinghe said...

බම්බලපිටියට=බම්බා, කොල්ලුපිටියට=කොල්ලා, කොටුවට=ඔටුව, පිටකොටුවට=පිට ඔටුව මේ වචන සෙට් එකට තව එකක් එන්න ඕනේ නේ. හෝමාගම= හොමා

කොහොම වෙතත් ලංකාවේ බස්වල යද්දී නොමිලේ ව්‍යායාම්, නොමිලේ විහිළු, දේශපාලන සංවාද.......... මෙහෙම බලද්දී බස් රථයක් කියන්නේ අධ්‍යාපන මධ්‍යස්ථානයක් වගේ එකක්.

 
On April 1, 2010 at 5:14 AM , Hasitha Gunasinghe said...

මේ කතාව දැකලා මට මතක් වුණු කතාවක් තමා මේ.
http://aagiyakatha.blogspot.com/2010/04/blog-post_01.html

 
On April 1, 2010 at 7:32 AM , රොකියා | Udara said...

එල ජොක් පාර !

 
On April 1, 2010 at 7:44 AM , Bunny said...

අපේ අම්මලගෙ ගමට යන්න ඔනේ දෙල්ලව බස් එකක..එකට කියන්න දෙව්ලොව කියලා :P
රු 50 කට දෙව්ලව යන්න ඒ පැත්තට එන්න ඔනේ :D

 
On April 1, 2010 at 9:55 AM , බිඟූ said...

හික්ස්..
අහු උනා නේද හොරේ...
එදා අපි බස් එක ඇතුලේ හිටියේ..
උඹව දැක්කා හොඳටම...

/බිඟුවා...!

 
On April 1, 2010 at 10:14 AM , Anonymous said...

මහරගම- මාරේ
කොට්ටාව-කොට්ටා/ඔට්ටා

ඇයි බස් කමිං නෝ කලර් වෙලා ඉන්කොට ඇඟේ ලේ පිරිසිදුවීම අමතක කරන්න පුළුවන්ද?

 
On April 1, 2010 at 12:31 PM , සංදීපගේ මයික්කරපෝනය said...

ප්‍රයිවෙට් බස් නම් ඉතින් ආයේ කියන්න දෙයක් නෑ... ජංගම අධ්‍යාපනික මධ්‍යස්ථාන වගේ තමයි හික් හික්.... අවිධිමත් අධ්‍යාපනයට කියාපු තැන්...........

 
On April 1, 2010 at 10:33 PM , Buddy --බඩී said...

@චැප්...
ඔව් බන්.. තව පොඩ්ඩෙන් වැඩේ මාට්ටු වෙනව..

@ Hasitha,
මමත් උබෙ පොස්ට් එක බැලුව...
එල එල..මමත් තව ලියන්නම්කො

 
On April 3, 2010 at 2:13 AM , පිස්සා පලාමල්ල said...

හික් හික් හොද වැඩෙ ඔලුවට අරන් හිටි කෙල්ලට නම්.