Author: Buddy --බඩී
•10:37 PM


නීල ගංතෙරේ දිදුලන
චන්ද්‍ර කින්නරා විලසින..
පාන හසකැලුම් මදනල
නුඹ්ගෙ ආදරේ..
නැතිද ආදරේ..

තක්සලේ කව්ලු මායිම
නෙත් යොමා බලයි නුඹ ගැන..
නෙත් දෙකේ ගලන කදුලැලි
ගලයි මාවතේ..
යනෙන පාලුවේ...

දේවතාවියක් විලසින..
සිනාසෙන නයන දෙකොනින...
නොදකිනා අරුම කුමනද
මාව සොයුරියේ...
නුඹට ආදරේ....

පායනා ලහිරු අලුයම..
හිදිමි මම තාම තනියම..
නෙලාගන්නෙදෝ කෙලෙසින..
නුඹගෙ ආදරේ...
මටම ආදරේ...


ගෑණු කියන්නෙ මහ පුදුම ජාතියක්. පස්සෙන් යනකොට ගනන් උස්සනව. ගනන් උස්සනකොට පස්සෙන් එනව.දෙයියනේ කියල මමනම් මුලින්ම මගෙ ආදරේ ප්‍රකාශකලේ

5 ඉනකොට. කොල්ල එතකොට සිප්සත්වෙ ලියලවත් නෑ. කොහොමහරි එදා මායි මගෙ යාලුවයි කලු ලෑල්ල ඉස්සරහ දවසම හිටගෙන හිටියා ප්‍රථම ප්‍රේමයේ නාමයෙන්.
ඊට පස්සෙ මම හොද ලමයෙක් වුනා..කාගෙන්වත් ආදරේ කෙලින්ම ඉල්ලුවෙ නෑ..ඒත් එ ලෙවල් කරන කරන කාලේ, ඉස්සරහ ඉස්කෝලෙ හිටිය ල්සසන කෙලි පොඩ්ඩකට

හිත වැටුනා...ඉතින් එයාට ලියපු කවියක් තමයි මේ....
Author: Buddy --බඩී
•9:34 PM

මේ දවස්වල මගේ කට හරියට රිදෙනව...ඇයිද කියනවනම් "සුවපත් වේවා,සුවපත් වේවා" කියලම..එකට හේතුව නම් ඉතින් මේක කියෙව්වම තෙරුම් ගන්න පුලුවන් වෙයි. ඉස්සෙල්ල කියන්නම්කො මගෙ අතීතය ගැන පොඩ්ඩක්...

මම ඉස්කොලේ යන කාලෙ ඉදලම මට ඉන්නව මගෙ අතීසාර මිත්‍රයො 3න් දෙනෙක්...මුන් 3න් දෙනා නිකන් හරියට තුන්බෑ ජටිලයො වගෙ තමයි...එකෙක් අපේ සූකිරියා. මූට ඉතින් සූකිරිය කිව්වට මේකගේ නම ධනුශ්ක. මේකනම් දේයියනේ කියලා 8 වසරෙදි අපේ අල්ලපු බබාලිකා විද්යාලයෙන් බබාලිකාවක් සෙට් කරගත්තා. ඒත් ඒ ප්‍රෙමය අවුරුදු 10ට පස්සෙ හුටස් වුනා.(ඒ චින්චිමානවිකාව කියල දැන් අදහස් ගැලපෙන්නේ නෑලු )ඒ කතාව මම් පස්සෙ කිය්නන්නම්කො...මේකගෙ වැඩ වගේම තමයි බඩත්..කන්න ගියාම "බුරිය උල්ල්වෙනකම්" කනව..අනිකා නිලානයා. පුදුම පැණියෙක් තමයි. මේකා නිසා කෙල්ලොන්ගෙන් අපි කාපු කටු වලට පින් හම්බුනානම් මටත් දැන් Akon ට වගේ කෙල්ලො 3ක් 4ක් වත් ඉන්න ඕන..
අනිත් එකා තමයි ගෝරා හෙවත් සන්ජීව සමනලයා. අපේ සෙට් එකෙන් මුලින්ම ලව් කරන්න ගත්තෙ මේකා වුනාට මල්සරා මේකත් එක්ක ෆුල් ඔරොප්පු වෙලාද කොහෙද තාමත් මුට හරිහමන් කෙල්ලෙක් නෑ.

ඉතින් ඒ කාලෙ අපිට චන්දෙවත් නැතිවුනාට ෆුල් පොලිටිකල් මොල තමයි තිබ්බෙ.හැමදාම ඉර පැන්ශන් යන වෙලාවට ඒ කිව්වෙ හවස 5 විතර වෙනකොට මුන් 3න් දෙනා අපේ ගෙදරට වැඩම කරනවා.ඉතින් ඊටපස්සෙ අපේ ගෙදරත් ලන්කාවෙ බෙරේ වැවේ මොන්ටිසෝරිය වගෙ තමයි....
ඔන්න ඉතින් කතාව...
"මචං මොනවාහරි බාම් ටිකක් හොයාගන්න බැරිවේද?" මම සන්ජීවයගෙන් ඇහුව..
"බාම් මොකටද බන් මේ වෙලාවෙ?"
"මගෙ කටේ ටිකක් ගා ගන්න කියල"

"ඇයි කටට මොනව වෙලාද?"
"සුවපත් වේවා!සුවපත් වේවා!! කියලම මගෙ කට ඇදුම්කනවා මචං..ඌයි අම්මේ...."

"
උඹ මොකටද සුවපත් වේවා කියන්න ගියෙ?"
"උඹ අහන්නෙ මහ නරුම ප්‍රශ්නනෙ.බිත්තිවල පේලියට එල්ලිලා ඇලවිලා වැදගෙන ඉන්නකොට සුවපත් වේවා නොකියා කොහොමද?"

"අපේ ආච්චිට කපුටො කොටපි,කව්ද බං උඹ වගේ මූකලන් බස්සෙකට වදින්නෙ?"
"කව්ද? කව්ද ඉතින් ඔය වැදුම්කාරයො.." රජවරු! රජවරු!!"
"මොනව! රජවරු?"

"ඔව් ඔව්!! රජවෙලා ඉන්න රජවරු,රජවෙන්න ඉන්න රජවරු"

"ආ... මට දැන්නෙ තේරුනෙ,උඹ කටෙ ගාගන්න බාම වලින් ටිකක් ඉතුරුකරගනින්.ඡන්දෙන් පස්සෙ පාවිච්චි කරන්න."

මූ කිව්ව අප්ප්බ්‍රංස කතාව මගෙ ටිකිරි මොලේට එනටර් වුනේ නෑ...
"කටේ ගාන්නද?"
"නෑ බන්..අත් දෙකේ ගාගන්න.ඔය උත්තමොයො දැන් අපිට වැන්දට,ඡන්දෙන් පස්සෙ අපි අවුරුදු 6ක් උන්ට වදින්න එපැයි..
"
අනේද කියන්නෙ..මේ පොලොස්කොට්ටෝරුවට සීනි දාල වෙඩිතියන්නයි තියෙන්නෙ..කූඹි කාල මැරෙන්න.
ඔන්න එතකොටම අපෙ අනිත් ජටිලයො දෙන්නත් කඩාපාත් වුනා.. නිලානයගෙ මූන නිකං නයා මැරිච්ච අහිකුන්න්ටිකයා වගේ...
"නිලාන්, මොකද මචං?"
"වැඩක් නෑ බං"
"ඇයි කරදරයක්වත්ද?"

"බලපන්කො,මගේ නම ඡන්ද දායක ලැයිස්තුවෙ නෑ.මට වයස මදිලු.ෂිහ්: මේ පාර ඡන්දෙ දෙන්න ලැබෙන්නෙ නෑ."
"
ඉතිං ඕකට ඔයතරම් හූල්ලන්න ඕනිද?"
"නැතුව? සතයක්වත් වියදම් නොකර මහත්ඵල,මහානිසංස ලැබෙන පුණ්‍යකර්මයක් කරගන්න තියෙන චාන්ස් එකක්නෙ මගහැරුනෙ... "ඡන්දෙ දාන එක කොහොමද පුණ්‍යකර්මයක් වෙන්නෙ?"
"ඇයි මෝඩයො..අර දුගී දුප්පත් අසරනයන්ට පැජරො,නිල මන්දිර, කාර් පමිට්..අරගෙන දෙන එක පින්කමක් නෙවෙයිද"
අනේ ඇත්තට මෙකගෙ කට...ඔන්න ඉතින් එදා අපි සෙට්වෙලා ආත බූත කතාකරකර ඉන්නකොට පොඩි අයිඩියා එකක් ආව....
"අපිත් හදමුද දෙශපාලන පක්ශයක්?" මම ඇහුව...
"හදමු හදමු. සුකිරි ස්තිර කරනව..සංජීවය අත්පුඩි ගහනව...දෙශපාලන පක්ශෙකට 4ක් හිටියම හොදටම ඇති... "
"ලකුණ - කලවැද්දා, පාට- කළු පාට"

"එතකොට මොකක්ද අපේ ප්‍රතිපත්තිය?"


ඔන්න එතකොට තමයි අපේ නියම අදහස් ටික මතුවුනේ...

අපි බලයට පත්වුනොත් දහාඅටෙන් පහළ අයටත් 'වැඩිහිටියන්ට පමණයි' ෆිල්ම් බලන්න අවසර දෙනවයි කියල මැතිවරණ ප්‍රකාශනයට දාමු

නිදහස් අධ්ය්‍යාපනය ආරක්ෂා කර ගැනීම උදෙසා විබාගවලදී කොප්පෙ ගැසීමට ඉඩ දෙනව කියලත් දාමු..


ලංකාවෙ විශවවිද්‍යලවලට යන්න බැරිවෙච්චි මහ පවුල්වල හාල්පාරුවන්ට පිටරට විශවවිද්‍යලවලට යවනව කියලත් කියමු...

සෑම ඡන්දදායකයෙක්ම පැජරො එකේ රවුමක් එක්කන් යනව කියලත් කියමු..


අපේ බද්දෙවිතාන (ප්‍රසන්න ) සර්ව ජාතික ලයිස්තුවෙන් ගමු..


එහෙනම් ශාරුක් කාන්වයි , බ්‍රිට්නිවයි, Akon වයි අන්තර්ජාතික ලයිස්තුවෙන් ගමු..එතකොට පර්ලිමෙන්තුවට වෙලා බයිල ගහගහ ඉන්න පුලුවන්..."


ඊට පස්සේ ඉතිං අපි පෙරලි පෙරලි හිනාවුනා..
ඔන්න ඔහොමයි අපේ දෙශපාලන පක්ශෙ...
හික් හික්...

(ඔයාලත් කැමතිනම් අපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අදහස් කියන්න පුලුවන්....
පහලින් ලියන්නකො... මම දාන්නම්..)
Author: Buddy --බඩී
•3:24 AM

ඔය කාර් බාර්වල යන එන මිනිස්සු ගෙන හිතනකොට වෙලාවකට මට මහ දුකක් දෑනෙනෙව. ඈ දෙයියනේ...නෑග්ග, ගියා බෑස්ස, එච්චරනෙ. වෙන කිසිම සතුටක් ,ප්‍රීතියක්, විනොදයක්, ගතියක්, ජොලියක්, සොමියක්, පහසුවක් ලැබෙනවද?
එකතත් එක්ක "මගමරුවා Travels" වල ගමන් බිමන් යන අපිට මොනතරම් වාසි තියෙනවද?? අපෙ රටෙ මිනිස්සුන්ගෙන් වෑඩි කොටසක් Privata බස් වලම යන්නෙ ,එන්නෙ අන්න ඒ වාසි තකාගෙන. එහෙම නෑතුව මෙ කාර් ගන්න ,Pejero ගන්න සල්ලි නතිකමට එහෙම නෙවේ....

Privata බස් ඒකක රුපියල් 6ක් දුර ගියහම ලැබෙන වියායාම ටික , අවුරුදු 10ක් weights කලත් ලැබෙනවද? ඇයි, නොමිලෙම ලැබෙන සම්බාහනය, ඇයි ඉගෙනගන්න ලැබෙන අලුත් වචන....බම්බලපිටියට=බම්බා, කොල්ලුපිටියට=කොල්ලා, කොටුවට=ඔටුව, පිටකොටුවට=පිට ඔටුව..ඒ විතරක් නෙවේයි...හිතට දැනෙන අනන්ත අප්‍රමාන සතුට....ප්‍රිවටෙ බස් කියන්නේ පිස්සු ලෝකනෙ....

දවසක් මම හිටපු බස් එකට අගර දගර පැගිරි ලියක් ගොඩවුනා..විනාඩි 5ක් ගියේ නෑ..ශාරුක් කාන් කට් කපපු පිරිමි පරානයක් අර අගර දගර පැගිරි ලියට කිට්ටුකලා....

"නංගි කොහෙන්ද බහින්නෙ?"
"ඇයි අහන්නෙ?"
"නංගි කොහෙටද යන්නෙ?"
"මම යන්නෙ අපේ ගෙදර"
"ගෙදර තියෙන්නෙ කොහෙද?"

"ගෙදර කොහෙ තිබ්බත් තමුසෙට තියෙන අමාරුව මොකක්ද?"

"මට ඇති අමාරුවක් නෑ අයිසෙ...මම මේ බස් එකෙ කොන්දොස්තර...යන තැන ඇහුවෙ ටිකට් කඩන්න.."

සැප කාර්ර්‍වල ගමන් බිමන් යන එන අයට මෙවා අහන්න දකින්න ලැබෙනවද? නැහැනෙ...