Author: Buddy --බඩී
•10:37 PM


නීල ගංතෙරේ දිදුලන
චන්ද්‍ර කින්නරා විලසින..
පාන හසකැලුම් මදනල
නුඹ්ගෙ ආදරේ..
නැතිද ආදරේ..

තක්සලේ කව්ලු මායිම
නෙත් යොමා බලයි නුඹ ගැන..
නෙත් දෙකේ ගලන කදුලැලි
ගලයි මාවතේ..
යනෙන පාලුවේ...

දේවතාවියක් විලසින..
සිනාසෙන නයන දෙකොනින...
නොදකිනා අරුම කුමනද
මාව සොයුරියේ...
නුඹට ආදරේ....

පායනා ලහිරු අලුයම..
හිදිමි මම තාම තනියම..
නෙලාගන්නෙදෝ කෙලෙසින..
නුඹගෙ ආදරේ...
මටම ආදරේ...


ගෑණු කියන්නෙ මහ පුදුම ජාතියක්. පස්සෙන් යනකොට ගනන් උස්සනව. ගනන් උස්සනකොට පස්සෙන් එනව.දෙයියනේ කියල මමනම් මුලින්ම මගෙ ආදරේ ප්‍රකාශකලේ

5 ඉනකොට. කොල්ල එතකොට සිප්සත්වෙ ලියලවත් නෑ. කොහොමහරි එදා මායි මගෙ යාලුවයි කලු ලෑල්ල ඉස්සරහ දවසම හිටගෙන හිටියා ප්‍රථම ප්‍රේමයේ නාමයෙන්.
ඊට පස්සෙ මම හොද ලමයෙක් වුනා..කාගෙන්වත් ආදරේ කෙලින්ම ඉල්ලුවෙ නෑ..ඒත් එ ලෙවල් කරන කරන කාලේ, ඉස්සරහ ඉස්කෝලෙ හිටිය ල්සසන කෙලි පොඩ්ඩකට

හිත වැටුනා...ඉතින් එයාට ලියපු කවියක් තමයි මේ....
|
This entry was posted on 10:37 PM and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

8 comments:

On April 29, 2010 at 11:08 PM , madu said...

kawiya nam mal 7iiiiiiiiiiiiiiiiiiii..... :D :D

dan a ganu lamayata wena kauru hari kawi kiyanwa ati ne........ :( :(

 
On April 30, 2010 at 2:53 AM , දිල් said...

ගෑණු ගැන ලියපුව නම් මන්දා....මොකද හැම ගෑණු ළමයින්ම එක වගේ නැති නිසා...

ඒත් පද ටික නම් හරිම අපූරුයි....

 
On April 30, 2010 at 3:35 AM , බිඟූ said...

අප්පට සිරි ගජ

 
On April 30, 2010 at 9:40 AM , Raven said...

හොඳ රිද්මයක් තියනවා මේකට ගීතයකට ‍වගේ.
එයාට ලියපු තව කවි තියනවනම් දාපන්. ලස්සනයි මචන් මේක.

 
On April 30, 2010 at 9:52 AM , Buddy --බඩී said...

@දිල්..
මම ඔබ සමග එකග වෙමි..තන්කූ වෙවා

@බිඟුවා...
එල නේද?

@Ravan
මම මේකට තනුවක් දැනටමත් දාලා තියෙන්නෙ...
බලමු..මේක සින්දුවක් කරන්න...තන්කූ වෙවා

 
On May 9, 2010 at 6:22 AM , දුකා said...

ගෑනු අය ගැන කියපු දේ ගැන නම් මට කියන්න තියෙන්නේත් අනේ මංදා . .එක්කෙන්කෙ දෙන්නෙක් නිසා මුලු සනුහරේ ගැනම තීන්දුවක් දෙන්න එපා මලේ . . .

ඇත්තෙන්ම ගීතයකට කියාපු පදපෙල . .

තනුවකුත් දැම්ම එකේ උඹම ගායනා කරලා එකේ MP3 එකත් අපිට අහන්න දාන්නකෝ මෙතන . . .

 
On June 6, 2010 at 10:27 AM , Unknown said...

nice ma dr...t feels alot 2 me too.........

 
On August 8, 2010 at 1:55 AM , තක්ෂිල said...

ලස්සනට ලියලා තියෙනවා හිතටම වදින්න