Author: Buddy --බඩී
•10:37 PM
නීල ගංතෙරේ දිදුලන
චන්ද්‍ර කින්නරා විලසින..
පාන හසකැලුම් මදනල
නුඹ්ගෙ ආදරේ..
නැතිද ආදරේ..
තක්සලේ කව්ලු මායිම
නෙත් යොමා බලයි නුඹ ගැන..
නෙත් දෙකේ ගලන කදුලැලි
ගලයි මාවතේ..
යනෙන පාලුවේ...
දේවතාවියක් විලසින..
සිනාසෙන නයන දෙකොනින...
නොදකිනා අරුම කුමනද
මාව සොයුරියේ...
නුඹට ආදරේ....
පායනා ලහිරු අලුයම..
හිදිමි මම තාම තනියම..
නෙලාගන්නෙදෝ කෙලෙසින..
නුඹගෙ ආදරේ...
මටම ආදරේ...ගෑණු කියන්නෙ මහ පුදුම ජාතියක්. පස්සෙන් යනකොට ගනන් උස්සනව. ගනන් උස්සනකොට පස්සෙන් එනව.දෙයියනේ කියල මමනම් මුලින්ම මගෙ ආදරේ ප්‍රකාශකලේ
5 ඉනකොට. කොල්ල එතකොට සිප්සත්වෙ ලියලවත් නෑ. කොහොමහරි එදා මායි මගෙ යාලුවයි කලු ලෑල්ල ඉස්සරහ දවසම හිටගෙන හිටියා ප්‍රථම ප්‍රේමයේ නාමයෙන්.
ඊට පස්සෙ මම හොද ලමයෙක් වුනා..කාගෙන්වත් ආදරේ කෙලින්ම ඉල්ලුවෙ නෑ..ඒත් එ ලෙවල් කරන කරන කාලේ, ඉස්සරහ ඉස්කෝලෙ හිටිය ල්සසන කෙලි පොඩ්ඩකට
හිත වැටුනා...ඉතින් එයාට ලියපු කවියක් තමයි මේ....
|
Author: Buddy --බඩී
•3:24 AM
ඔය කාර් බාර්වල යන එන මිනිස්සු ගෙන හිතනකොට වෙලාවකට මට මහ දුකක් දෑනෙනෙව. ඈ දෙයියනේ...නෑග්ග, ගියා බෑස්ස, එච්චරනෙ. වෙන කිසිම සතුටක් ,ප්‍රීතියක්, විනොදයක්, ගතියක්, ජොලියක්, සොමියක්, පහසුවක් ලැබෙනවද?
එකතත් එක්ක "මගමරුවා Travels" වල ගමන් බිමන් යන අපිට මොනතරම් වාසි තියෙනවද?? අපෙ රටෙ මිනිස්සුන්ගෙන් වෑඩි කොටසක් Privata බස් වලම යන්නෙ ,එන්නෙ අන්න ඒ වාසි තකාගෙන. එහෙම නෑතුව මෙ කාර් ගන්න ,Pejero ගන්න සල්ලි නතිකමට එහෙම නෙවේ....
Privata බස් ඒකක රුපියල් 6ක් දුර ගියහම ලැබෙන වියායාම ටික , අවුරුදු 10ක් weights කලත් ලැබෙනවද? ඇයි, නොමිලෙම ලැබෙන සම්බාහනය, ඇයි ඉගෙනගන්න ලැබෙන අලුත් වචන....
බම්බලපිටියට=බම්බා, කොල්ලුපිටියට=කොල්ලා, කොටුවට=ඔටුව, පිටකොටුවට=පිට ඔටුව..ඒ විතරක් නෙවේයි...හිතට දැනෙන අනන්ත අප්‍රමාන සතුට....ප්‍රිවටෙ බස් කියන්නේ පිස්සු ලෝකනෙ....
දවසක් මම හිටපු බස් එකට අගර දගර පැගිරි ලියක් ගොඩවුනා..විනාඩි 5ක් ගියේ නෑ..ශාරුක් කාන් කට් කපපු පිරිමි පරානයක් අර අගර දගර පැගිරි ලියට කිට්ටුකලා....
"නංගි කොහෙන්ද බහින්නෙ?""ඇයි අහන්නෙ?""නංගි කොහෙටද යන්නෙ?""මම යන්නෙ අපේ ගෙදර""ගෙදර තියෙන්නෙ කොහෙද?""ගෙදර කොහෙ තිබ්බත් තමුසෙට තියෙන අමාරුව මොකක්ද?""මට ඇති අමාරුවක් නෑ අයිසෙ...මම මේ බස් එකෙ කොන්දොස්තර...යන තැන ඇහුවෙ ටිකට් කඩන්න.."සැප කාර්ර්‍වල ගමන් බිමන් යන එන අයට මෙවා අහන්න දකින්න ලැබෙනවද? නැහැනෙ...
|