Author: Buddy --බඩී
•10:49 AM

ආදරය කියන්නෙ හරිම පුදුම හැගීමකට...
ඒක තමන් දරන මතය අනුව වෙනස්වෙනව...අපි අපිට හිතෙන හැටියට ඒක අර්ථ දක්වනව...ඒවා හැම එකක්ම අපිට සාධාරනීකරනය කරගන්න පුලුවන්...තමන්ගේ ආදරය තමන්ට හිමි නෑ කියල දන්න කෙනෙක්ගෙ අදහසක් මෙහෙම වෙන්න පුලුවන්...

දිවිසනසන උනු බතකට
නොවේ, පිලුනු බත් උලකට
වරම් නොමැති ...මා නොහඩමි
පොසිලෙන් පිගානකට..

මේක ලිව්වෙ ජපන් හඉකු කවි සම්ප්‍රධායට අනුවයි....
අදහස මොකක්ද කියල තෙරෙනවද?
Author: Buddy --බඩී
•7:55 AM

දුර ඈත නිල් අහසේ- තරු අතර රැදුනාට
නුබෙ චූටි සිත පතුලෙ-මා රැදුනෙ නැතිවාද
සිත හීන නුබ ගැනම සුබ හීන මැව්වාට...
සිහිනයක් සේ ඇවිත් සුසුමක්ව පිපුනාද....


මගේ සිතේ තනිමකා සිතුවමක් වුවාට..
ඒ රුවේ පාමුලට මගෙ කදුලු වැටුනාට
මගෙ ලොව දුර වැඩී නුබේ මුව කිව්වාට
ආදරෙයි මම නුබට -නුබ මගෙයි හැමදාම...